කාලගුණය

නායයෑම් අවදානම් නිවේදන යළිත් යාවත්කාලීනයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) කටයුතු කර තිබේ.

එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද (24) පෙරවරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නව අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට වැඩි අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට සහ ඇහැලියගොඩ යන ප්‍රදේශ සඳහාද නායයෑම් අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, හොරණ, පාලින්දනුවර, මතුගම සහ අගලවත්ත යන ප්‍රදේශවල ජනතාවටද විමසිලිමත් වන ලෙස උපදෙස් ලබාදී ඇත.

තවද කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන සහ නිවිතිගල යන ප්‍රදේශ සඳහාද අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button