
නීතිවිරෝධී ධීවර මෙහෙයුමෙන් 27 දෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ධීවර මෙහෙයුමෙන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
නාවික හමුදාව පසුගිය ජූනි 16 සිට 30 දක්වා දේශීය ජල තීරය පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 27 දෙනෙකු නීතිය හමුවට පමුණුවා තිබේ.
මෙම මෙහෙයුම්වලදී සැකකරුවන් සතුව තිබූ ඩිංගි යාත්‍රා 10ක් සහ කැනොයි යාත්‍රා 2ක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
ත්‍රිකුණාමලය සූඩයිකුඩා, ස්විට් වේ, යාපනය උඩුත්තුරායි, වෙත්තලකේනි, කඩ්ඩෙයිකාඩු, වලෙයි සහ සිලාවතුර සාවාරිපුරම් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි නැගෙනහිර, උතුරු සහ වයඹ නාවික විධාන මෙම වැටලීම් සිදුකර තිබුණි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, මුතූර්, යාපනය සහ මන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙතත්, මරුදන්කේනි පොලිස් ස්ථානය වෙතත් භාරදී ඇති බව නාවික හමුදාව සඳහන් කළේය. :::



