සෞඛ්‍යය

හෙට සිට බස්නාහිරේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්

බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් හෙට (05) සිට අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන අතර, සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන සහ ස්වේච්ඡා සංවිධාන ඇතුළු රාජ්‍ය හා ප්‍රජා නියෝජිතයන්ගේ ඒකාබද්ධ දායකත්වයෙන් මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජනතා සහභාගිත්වය ඉහළ නංවමින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන විනාශ කිරීම සහ පරිසරය පිරිසිදුව පවත්වා ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව බලධාරීන් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button