ප්‍රධාන පුවත්

ඩෙංගු මර්දනයට කඩුවෙලෙන් ‘කුණු පොළක්

ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සහ පරිසරය පිරිසිදුව පවත්වාගෙන යාමේ අරමුණින් කඩුවෙල මහ නගර සභාව විසින් ‘කුණු පොළ’ නමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය පැලවත්ත බටපොත ප්‍රදේශයේ රොබට් ගුණවර්ධන මාවත කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර ඇත.

නිවාස ආශ්‍රිතව එක්රැස් වන මදුරුවන් බෝවිය හැකි ද්‍රව්‍ය, පැරණි ටයර් සහ දිරාපත් නොවන වෙනත් අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයට බැහැර කිරීම සඳහා ප්‍රදේශවාසීන්ට මෙම වැඩසටහන හරහා පහසුකම් සලසා දී ඇති බව මහ නගර සභාව සඳහන් කරයි.

මෙම වැඩසටහන මඟින් පරිසර පවිත්‍රතාව ඉහළ නැංවීමත්, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමත් ප්‍රධාන අරමුණ බව ද වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button