
ඩෙංගු රෝගීන් 58,810ක් – මරණ ගනන ඉහළට
මෙරටින් මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 58,810ක් වාර්තා වී ඇති අතර, ඩෙංගු මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 12,017කි. එය සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 20.43ක ප්‍රතිශතයක් නියෝජනය කරයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,740ක් වාර්තා වී ඇති අතර, මාතර, කළුතර, මහනුවර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින්ද සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ගත වූ පැය 24 තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 2,604ක් හඳුනාගෙන ඇති අතර, ජූලි මාසයේ පළමු දින තුන ඇතුළත රෝගීන් 3,422ක් වාර්තා වී ඇති බවයි.
මාසික දත්ත අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව ජූනි මාසයේදී වාර්තා වී ඇති අතර එය 21,547කි. ජනවාරි මාසයේ රෝගීන් 7,866ක්, පෙබරවාරි මාසයේ 5,721ක්, මාර්තු මාසයේ 6,013ක්, අප්‍රේල් මාසයේ 5,651ක් සහ මැයි මාසයේ 8,590ක් වාර්තා වී ඇත.
පළාත් මට්ටමින් සලකා බැලීමේදී සමස්ත රෝගීන්ගෙන් සියයට 52.50ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එහි රෝගීන් සංඛ්‍යාව 30,876කි. දකුණු පළාතෙන් 9,316ක්, සබරගමුවෙන් 5,129ක් සහ මධ්‍යම පළාතෙන් 4,542ක් වාර්තා වී තිබේ.
අවම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 35කි.
මේ වන විට ඩෙංගු අවදානම ඉහළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 142ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එබැවින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසද මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.



