
ප්‍රධාන පුවත්
කොත්තු සහ රයිස් මිල රු.15කින් අඩුකෙරේ
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල අඩු කිරීමත් සමඟ ආපනශාලා ආහාරවල මිලද පහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ, කෑම පාර්සලයක (බත්) මිල රුපියල් 15කින්, ප්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින් අඩු කරන බවයි.
මීට අමතරව, කෙටි ආහාර, පරාටා, බිත්තර රොටී, කිරි තේ සහ ප්ලේන්ටීවල මිල රුපියල් 5 බැගින් අඩු කිරීමටද තීරණය කර තිබේ.
මෙම නව මිල සංශෝධන අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



