
සා.පෙළ 2026 අයදුම්පත් භාරගැනීම ඇරඹෙයි
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගය සඳහා මාර්ගගත අයදුම්පත් භාරගැනීම ජූලි 3 වැනිදා සිට ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අයදුම්පත් භාරගැනීම ජූලි 23 දක්වා පමණක් සිදුකරන අතර සියලු පාසල් අයදුම්කරුවන් තම විදුහල්පතිවරුන් මාර්ගයෙන්ද, පෞද්ගලික අයදුම්කරුවන් ලබාදී ඇති උපදෙස් අනුව මාර්ගගතවද අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි.
පෞද්ගලික අයදුම්කරුවන් ලියාපදිංචි වීමේදී ජාතික හැඳුනුම්පත භාවිත කළ යුතු අතර, හැඳුනුම්පතක් නොමැති අය තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කර අයදුම් කළ යුතු බවද දැනුම් දී තිබේ.
අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.lk/eic වෙත පිවිස මාර්ගගතව යොමු කළ හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම ජූලි 23 මධ්‍යම රාත්‍රියෙන් පසුව කිසිදු අයදුම්පතක් භාර නොගන්නා අතර, කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.




