
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද (03) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසම සඳහන් කළේ, 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාවලියට අදාළව සිදුකළ විමර්ශනයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.
එම විමර්ශනයට අනුව, නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස බඳවා ගැනීම සහ සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව රජයේ මුදල් වැය කරමින් ඔහුට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී තිබේ.
ඒ අනුව, අද පෙරවරු 10.05ට පමණ කොමිෂන් සභා පරිශ්‍රයේදී විමර්ශන නිලධාරීන් විසින් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම නිවේදනය කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.



