ප්‍රධාන පුවත්

අනතුරුවලින් දිනකට ජීවිත 30ක් අහිමි වෙයි

විවිධ ආකාරයේ අනතුරු හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරයි.

එම අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසුවේ, සාමාන්‍යයෙන් සෑම පැය තුනකට වරක්ම පුද්ගලයින් සිව්දෙනෙකු පමණ විවිධ අනතුරු හේතුවෙන් මියයන බවයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, රථවාහන අනතුරු පමණක් නොව වෙනත් අනතුරුද සැලකිය යුතු ජීවිත හානියක් සිදුකරන බවට අවධානය යොමු කළේය.

“හැම අවුරුද්දකම දළ වශයෙන් ලංකාවේ මිය යනවා 8,000ත් 10,000ත් අතර ප්‍රමාණයක්. හැම පැය තුනකට සැරයක්ම ලංකාවේ අපිට අහිමි වෙනවා හතර දෙනෙක් විතර විවිධ අනතුරු නිසා. දවසකට දළ වශයෙන් තිහක් විතර. බොහෝ වෙලාවට අපි කතා කරන්නේ රථවාහන අනතුරු නිසා වෙන මරණ ගැන. හැබැයි අපි අමතක කරලා තියෙනවා විවිධ හේතු නිසා වැටිලා මියයන ප්‍රමාණය, දියේ ගිලීම්වලින් වන මරණ ප්‍රමාණය, විදුලි සැර වැදීමෙන් වන මරණ ප්‍රමාණය, සර්ප දශ්ඨනවලින් වන මරණ ප්‍රමාණය. මෙන්න මේ ආකාරයෙන් වන මරණ අපි අමතක කරලා තියෙනවා. ඒ නිසා සමස්ථ මරණ ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් 30ක් විතර මියයනවා අනතුරුවලින්. මෙය ඛේදවාචකයක් ඒ වෙන්නේ මේක වළක්වන්න පුළුවන් නිසා ජීවිත අහිමි කර ගන්නවා.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button