
ප්‍රධාන පුවත්
නියඟයෙන් පීඩිත ප්‍රදේශ සඳහා ජලය සැපයීමට නව චක්‍රලේඛයක්
එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී නියඟයක් ඇතිවුවහොත් නියඟයෙන් පීඩිත ප්‍රදේශ සඳහා කඩිනමින් ජල පහසුකම් සැපයීමට හැකි වන පරිදි නව චක්‍රලේඛයක් ඉදිරිපත් කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
අගෝස්තු 6 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශය මඟින් මෙම චක්‍රලේඛය ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (20) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
නව චක්‍රලේඛය මඟින් නියඟයෙන් බලපෑමට ලක්වන ප්‍රදේශවල ජනතාවට ජල පහසුකම් සැපයීම සඳහා වඩාත් කඩිනම් සහ පහසු මැදිහත්වීම් සිදුකිරීමට හැකිවන පරිදි අවශ්‍ය නීති හා රෙගුලාසි සංශෝධනය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.



