
විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් සිය ගණනින් අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක කළ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය අරමුණු කරගත් දෛනික විශේෂ සෝදිසි මෙහෙයුම් යටතේ ඊයේ (01) දිනයේදී සැකකරුවන් 652 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙම මෙහෙයුම්වලදී දිවයින පුරා පුද්ගලයින් 26,377 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පිරිස අතරින් අපරාධවලට සෘජුව සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවන් 25 දෙනෙකු සහ විවෘත වරෙන්තු මත සොයමින් සිටි පුද්ගලයින් 129 දෙනෙකු ද සිටින බව පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම බීමත්ව රිය පැදවීමේ චෝදනා යටතේ පුද්ගලයින් 53 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනා මත තවත් පුද්ගලයින් 129 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊට අමතරව, වෙනත් රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 4,249 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



