
WhatsApp භාවිත කරන හැමෝටම අලුත් වෙනසක්! Phone Number වෙනුවට Username
WhatsApp භාවිත කරන පරිශීලකයන්ට තම දුරකථන අංකය හෙළි නොකර Username එකක් භාවිත කරමින් අනෙක් අය සමඟ සම්බන්ධ වීමේ නව විශේෂාංගයක් ළඟදීම හඳුන්වාදීමට නියමිතය.
මෙම පහසුකම ලොව පුරා සිටින බිලියන 3කට අධික පරිශීලකයන් වෙත අදියරෙන් අදියර නිකුත් කෙරෙන අතර, එය භාවිත කිරීම අනිවාර්ය නොවේ. අවශ්‍ය පරිශීලකයන්ට තමන් කැමති Username එකක් තෝරාගැනීමටත්, පසුව එය ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමටත් හැකියාව හිමි වේ.
Username එකක් සඳහා උපරිමයෙන් අක්ෂර හා සංකේත 35ක් භාවිත කළ හැකි අතර, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ හෝ දේශපාලනඥයන්ගේ නම් ව්‍යාජ ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා විශේෂ ආරක්ෂක සීමාවන් ද යොදා ඇත.
WhatsApp ගිණුමක් ආරම්භ කිරීම සඳහා දුරකථන අංකයක් තවදුරටත් අවශ්‍ය වුවද, Username විශේෂාංගය සක්‍රීය කිරීමෙන් පසු අනෙක් පරිශීලකයන්ට ඔබගේ දුරකථන අංකය නොපෙන්වා Username එක පමණක් දැකගත හැකි වේ.
WhatsApp නිෂ්පාදන ප්‍රධානී ඇලිස් නිව්ටන්-රෙක්ස් පවසන්නේ, විශේෂයෙන් Group Chat තුළ නොහඳුනන පුද්ගලයන් සමඟ සම්බන්ධ වන අවස්ථාවලදී මෙම විශේෂාංගය පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ඉහළ මට්ටමකින් ආරක්ෂා කිරීමට උපකාරී වන බවයි.



