
අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි
අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව සඳහන් වේ.
එමෙන්ම ඌව පළාතේ සහ අම්පාර හා මඩකළපුව දිස්ත්‍රික්කවල තැනින් තැන පස්වරු 2.00ට පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.
ඊට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද සහ වයඹ පළාත්වලටත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයටත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයෙන් තද සුළං හමන හැකියාව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින්, ඒවා අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.



