
සමුපකාර දෙපාර්තමේන්තුවේ මිලියන 167ක මූල්‍ය අක්‍රමිකතා – COPA හෙළිකරයි
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) අවධානයට ලක්ව තිබේ. ඒ අනුව, දෙපාර්තමේන්තුවේ අතිරික්ත මුදල්වලින් රුපියල් මිලියන 167ක මුදලක් රීතිවලට පටහැනිව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබාදී ඇති බව අනාවරණය වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මෙම කමිටු රැස්වීම, ඔහුගේ නොපැමිණීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පවත්වා ඇත. එහිදී 2021 සිට 2024 දක්වා කාලය සඳහා විගණන වාර්තා සහ දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්යසාධනය සමාලෝචනයට ලක්කර තිබේ.
2013 වසරේදී ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබාදුන් මෙම ණය මුදල සඳහා ගෙවීම් 2015 වසරෙන් පසු නතර වී ඇති අතර, ඒ හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බව සඳහන්ය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට COPA තීරණය කර ඇත.
තවද, සමුපකාර සමිති 28කින් අයකර ගැනීමට ඇති රුපියල් මිලියන 31කට වැඩි ණය මුදල් පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබේ. එම මුදල් වසර 12 සිට 59 දක්වා කාලයක් අයකර නොගෙන පවතින බවද අනාවරණය වී ඇත.
එසේම, රුපියල් මිලියන 50ක වියදමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ “දිනක් වයසැති කිකිළි පැටවුන් ලබාදීමේ ව්‍යාපෘතිය” දිවයින පුරා නොව ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7කට පමණක් සීමා කිරීම පිළිබඳවද COPA දැඩි විවේචන එල්ල කළේය. ව්‍යාපෘතියේ අක්‍රමිකතා සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැනුම් දී තිබේ.



