ප්‍රධාන පුවත්

දින 3ක් සූර්ය පැනල අක්‍රිය කරන්නැයි දැනුම්දීමක්

විදුලි පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කිරීමේ අරමුණින් හෙට (27) සිට 29 වැනිදා දක්වා වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල පද්ධති තාවකාලිකව ක්‍රියා විරහිත කරන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා ඉල්ලීමක් කර තිබේ.

අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එම කාලය තුළ අදාළ සූර්ය පැනල පද්ධති අක්‍රිය කිරීමෙන් ජාතික විදුලි පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීමට සහ පසුගිය වෙසක් සමයේ ඇති වූ ආකාරයේ හදිසි විදුලි බිඳවැටීම් වළක්වා ගැනීමට හැකි වන බවයි.

ඒ අනුව, ඒකක 300ට වැඩි වහල මත සවිකර ඇති සූර්ය පැනල පද්ධති හිමි පාරිභෝගිකයන්ට හෙට සිට දින තුනක කාලයක් එම පද්ධති ක්‍රියා විරහිත කරන ලෙස දැනුම් දී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button