ප්‍රධාන පුවත්

පාරිසරික පැමිණිලි සඳහා නව WhatsApp අංකයක්

පාරිසරික ගැටලු සහ හානි සම්බන්ධ තොරතුරු මහජනතාවගෙන් සෘජුවම ලබාගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය හඳුන්වා දුන් නව WhatsApp සේවාව අද (26) සිට ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව, පාරිසරික ගැටලු 0702509509 දුරකථන අංකය ඔස්සේ WhatsApp මඟින් බලධාරීන්ට සෘජුවම යොමු කළ හැකි බව අමාත්‍යාංශය දැනුම් දෙයි.

මෙම සේවාව භාවිත කිරීමේදී ගැටලුවට අදාළ ඡායාරූප, ලේඛන, නිල වාර්තා සහ අනෙකුත් සාක්ෂි ඇතුළත් තොරතුරු යොමු කිරීමට ප්‍රමුඛතාව ලබාදෙන ලෙසද පරිසර අමාත්‍යාංශය සඳහන් කර ඇත.

මෙම වැඩසටහන හරහා පාරිසරික ගැටලුවලට වඩාත් නිවැරදි, විද්‍යාත්මක හා කඩිනම් විසඳුම් ලබාදීම අපේක්ෂා කරන අතර, ක්ෂේත්‍ර මට්ටමින් සිදුවන පාරිසරික හානි ඉක්මනින් වාර්තා කිරීමටත්, පරිසර හිතකාමී අදහස් සහ ප්‍රතිපෝෂණ සෘජුවම බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමටත් මහජනතාවට පහසුකම් සැලසෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button