කාලගුණය

අදත් ප්‍රදේශ රැසකට වැසි | ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ක් දක්වා තද වැසි සහ තද සුළං අනතුරු ඇඟවීම

අදත් ප්‍රදේශ රැසකට වැසි 

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (07) දිනයේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එම අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන අතර එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත.

සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.

තවද උතුරු මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමා යා හැකි බවද අනාවැකි පළ කර ඇත.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button