ප්‍රධාන පුවත්

ග්‍රාම නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවතට – ලෙඩ නිවාඩු වෘත්තීය ක්‍රියාමාර්ගයක්

ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ අද (24) සිට සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමට ග්‍රාම නිලධාරීන් තීරණය කර ඇති බවයි.

අද පැවති මාධ්‍ය හමුවකදී එම සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ, තම ඉල්ලීම් සඳහා යහපත් විසඳුමක් නොලැබුණහොත් එළඹෙන 30 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවය.

ග්‍රාම නිලධාරීන් දිගු කලක් තිස්සේ ඉල්ලා සිටින ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම තීරණය ගෙන ඇති බවද ඔහු පැවසීය.

තම රාජකාරි කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ දීමනා සපයා දීමට වගකිවයුතු පාර්ශ්වයන් කඩිනමින් මැදිහත් විය යුතු බවද ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය අවධාරණය කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button