ප්‍රධාන පුවත්

නීතිවිරෝධී බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 735කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම ඊයේ (22) බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය විසින් මීගමුව කලපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සිදුකර ඇත.

සෝදිසි මෙහෙයුම අතරතුර කලපුව තුළ ගමන් කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කිරීමේදී, එහි උර 20ක අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 735කට වැඩි තොගය සොයාගෙන ඇත. ඒ සමඟ එම ඩිංගි යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනා නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 සහ 32 වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

සැකකරුවන්, අත්අඩංගුවට ගත් ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ තොගය වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදී ඇති බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button