
ප්‍රධාන පුවත්
යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහැරේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහරින ලෙස නියෝග කර ඇත.
අධිකරණය විසින් සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියම කළ අතර, ඒ සමඟම ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කර තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව යෝෂිත රාජපක්ෂ මහතා අද (17) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ඇති අතර, ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරීම සිදුවී ඇත.



