සෞඛ්‍යය

ඩෙංගු මර්දන සතිය අද සිට

දිවයින තුළ ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා අද (15) සිට ජාතික මට්ටමේ ඩෙංගු මර්දන සතියක් ආරම්භ කර තිබේ.

මෙම වැඩසටහන ජුනි 20 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර, දින අනුව විවිධ ස්ථානවල පිරිසිදු කිරීමේ වැඩසටහන් සංවිධානය කර ඇත.

අද (15) සිට 17 වනදා දක්වා නගර ප්‍රදේශ, කානු පද්ධති, වෙළෙඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පළ ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීමට සැලසුම් කර තිබේ. 18 වනදා පාසල්, පෙර පාසල් සහ උපකාරක පන්ති ඇතුළු අධ්‍යාපනික ආයතන හා ඒ අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීමට නියමිත අතර, 19 වනදා රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ කර්මාන්තශාලා පරිශ්‍ර සඳහා වෙන් කර ඇත. 20 වනදා පෞද්ගලික නිවාස සහ ඒ අවට පරිසරය පිරිසිදු කිරීම සිදු කිරීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය,

“දිවයින පුරා ඩෙංගු රෝගීන් 41,144දෙනෙක් සහ මරණ 23ක් වාර්තා වෙලා තියෙනවා. කොළඹ, ගම්පහ, මාතර, රත්නපුර, කළුතර, ගාල්ල, නුවර දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩිවීමක් දක්නට ලැබෙනවා. සහ අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 89ක් හඳුනාගෙන තියෙනවා. දැනට පවතින කාලගුණ තත්ත්වයත් සමඟම දිවයින පුරාම මදුරු කීට ඝනත්වය වැඩිවෙලා තිබෙන බව අපිට කීට විද්‍යා සමීක්ෂණවලින් දක්නට ලැබෙනවා. ඩෙංගු රෝගය අඩු කර ගැනීමට නම් ඔබගේ සහය අවශ්‍ය වෙනවා මේ වෙලාවේ. තමන්ගේ පරිසරයේ තියෙන මදුරුවන් බෝවිය හැකි ස්ථාන පුළුවන් තරම් ඉවත් කරගෙන අපිට මේ මදුරු මර්ධනයට සහය දෙන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button