
ව්‍යාපාරික
රන් පවුමේ මිල රු. 6,000කින් ඉහළට
ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,325 දක්වා ඉහළ යාමත් සමඟ දේශීය රන් වෙළෙඳපොළේ මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ අද පෙරවරු 9.00ට පැවති මිලට සාපේක්ෂව රන් පවුමක මිල රුපියල් 6,000කින් වැඩි වී ඇති බවය.
ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 360,600ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 392,000ක් ලෙස සටහන් වී ඇත.
පසුගිය සෙනසුරාදා කැරට් 24 රන් පවුමක මිල රුපියල් 386,000ක් ලෙස වාර්තා වූ අතර, මේ වනවිට එය රුපියල් 6,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



