ප්‍රධාන පුවත්

සුරේෂ් සලේට සහය පළ කළ සත්‍යග්‍රහය තාවකාලිකව නවතී

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අසාධාරණ සහ අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සංවිධානය කර තිබූ සත්‍යග්‍රහ ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවීමට සංවිධායකයින් තීරණය කර ඇත.

එම සත්‍යග්‍රහය පසුගිය 08 වනදා කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කර තිබූ අතර, ඒ සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් සහ ආධාරකරුවන් එක්ව සිටියහ.

සුරේෂ් සලේ මහතාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතු බව අවධාරණය කරමින් මෙම විරෝධතා ක්‍රියාමාර්ගය දියත් කර තිබූ අතර, වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් එය තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button