
ප්‍රධාන පුවත්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කිරීමට සතොස තීරණය කරයි
ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 18ක මිල සංශෝධනය කරමින් ඒවායේ මිල පහළ දැමීමට පියවර ගෙන තිබේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, නව මිල ගණන් අද (10) සිට දිවයින පුරා සතොස අලෙවිසැල්වල ක්‍රියාත්මක වන බවය.
මෙම මිල අඩු කිරීම යටතේ ලොකු ලූනු, සුදු සීනි, පරිප්පු, කවුපි, කඩල, මුං ඇට, රට කජු, තිරිඟු පිටි, රතු කැකුළු සහල්, රතු නාඩු සහල්, සම්බා සහල්, සුදු නාඩු සහල් සහ පොන්නි සම්බා ඇතුළු භාණ්ඩ රැසක් ඇතුළත් වේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් සැලකිල්ලට ගනිමින්, ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් රජයේ මැදිහත්වීම මත මෙම මිල සංශෝධනය සිදුකර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අදාළ නව මිල ගණන් ලැයිස්තුව පහතින් දැක්වේ.




