
ප්‍රධාන පුවත්
තලවතුගොඩ අවන්හල් ගින්නෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට
තලවතුගොඩ හන්දිය ආසන්නයේ පිහිටි අවන්හලක අද (09) පෙරවරුවේ හටගත් ගින්නකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් තිදෙනාම පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ගින්න හටගැනීමෙන් අනතුරුව එය පාලනය කිරීම සඳහා කෝට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ තුනක් යොදවා තිබූ අතර, කඩිනමින් ගිනි නිවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන තිබිය හැකි බවට පොලීසිය සැක පළ කරන බවයි.
සිද්ධියේ නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීම සඳහා තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.



