ව්‍යාපාරික

ඩොලරයේ විකුණුම් මිල රු. 342 ඉක්මවයි

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් දුර්වල වී ඇති බව නවතම විනිමය අනුපාතික දත්තවලින් අනාවරණය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (09) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව, එක් අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.38ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 342.08ක් ලෙසත් දැක්වෙයි.

පසුගිය සතිය තුළ නිකුත් කළ විනිමය අනුපාතිකයන් සමඟ සැසඳීමේදී, අමෙරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල දෙකම ඉහළම අගය වාර්තා කර ඇත්තේ අද දිනයේදී බව ද සඳහන් වේ.

ඒ අනුව, පසුගිය (03) වැනිදායින් පසු ගත වූ කාලසීමාව තුළ ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ රුපියලේ අවප්‍රමාණය වීමේ ප්‍රවණතාව තවදුරටත් පැහැදිලිව දක්නට ලැබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button