ප්‍රධාන පුවත්

CIDට පැමිණි සලේගේ බිරිඳගෙන් ආවේගශීලී ප්‍රකාශයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත අද (07) පැමිණි හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතාගේ බිරිඳ, ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් ආවේගශීලී ප්‍රකාශයක් කර තිබේ.

දින 38ක් පුරා රට වෙනුවෙන් සේවය කළ තම සැමියාට එල්ල වී ඇති බව කියන අසාධාරණය සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බවද ඇය සඳහන් කළාය. රැඳවුම් නියෝග මත රඳවා සිටින ඔහු සැකකරුවෙකු පමණක් බවද, ඔහුට අමානුෂික ලෙස සැලකෙන බවද ඇය චෝදනා කළාය.

මාරාන්තික උපවාසයක නිරතව සිටින සුරේෂ් සලේ මහතාගේ තත්ත්වය වෙනස් කර ගැනීමට පවුලේ අය උත්සාහ කළද එය අසාර්ථක වී ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි අවදානමක් පවතින බවද ඇය අවධාරණය කළාය.

එම අවස්ථාවේදී ඇය මාධ්‍යයට මෙසේද ප්‍රකාශ කළාය:

”මට කියන්න තියෙන්නේ මගේ හස්බන්ඩ් ඉනසන්ට් කියලා ඔක්කොමලා දන්නවා. ඉතින් මෙහෙම කරන එක ඉතාමත්ම අසාධාරණයි කියන එක. මොකද එයාව ස්කේප් බෝඩ් කෙනෙක් කරගෙන මේ වෙලාවේ තියෙන එක හොඳටම පේනවා. JMO රිපෝට් එකෙත් කියලා තියෙනවා ඉතාම හරිම ඉන්හියුමන්ට් ට්‍රීට්මන්ට් කියලා.. එයා දැන් මාරාන්තික උපවාසයක් පටන් අරන් තියෙන්නේ. කොහොමත්ම නවත්තන්න කැමති නෑ. අපි ගොඩාක් කතා කරලා බැලුවා. පුළුවන් ද කියලා හිත වෙනස් කරන්න.. මොකද අපි ඔක්කොම දන්නවා එයා ඉනසන්ට් කියන එක. ඉතින් ඉන්වෙස්ටිගේෂන්ස් කරන්න පුළුවන්. නමුත් මානුෂීය විදිහට සලකන්න ඕනනේ. මොකද ඉතාම අමානුෂික විදිහට තමයි සලකලා තියෙන්නේ.

ඉතින් මට හරි ම දුකයි. මෙච්චර අවුරුදු තිස් අටක කාලයක් රට වෙනුවෙන් කැප කරලා අඩුම ගානේ කවදාවත් ළමයෙක්ගේ ඉස්කෝලෙකටවත් යන්ඩ වෙලා තිබුන් නෑ. මොකද හැමවෙලේම රට වෙනුවෙන් කැප වෙලා හිටියේ එයා. ඉතින් ඒ වගේ මනුස්සයෙක්ට, මෙච්චර කැපවීම් කරලා රට වෙනුවෙන් කැප වෙච්ච මනුස්සයෙක්ට මෙහෙම කරන එක ගැන ඉතාම අසාධාරණයි. අපි දන්නවා කවුද මේකට වගකියන්න ඕන කියලා මේ කැත විදියට සලකන එකට. මට ඉතින් හරිම දුකයි මගේ හස්බන්ඩ් ගැන. නමුත් එයා උපවාසය අතහරින්නේ නැහැ. මොකද එයා කියන්නේ එයා රට වෙනුවෙන් කොහොමත් දිවි දෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්. මේ වගේ අසාධාරණයට එරෙහිව කොහොමත් එයා නැඟී සිටිනවා.

හැමවෙලේම එයා කොන්ද කෙලින් තියන් හිටපු මනුස්සයෙක්. ඉතින් මං හරි ආඩම්බර වෙනවා මගේ හස්බන්ඩ් ගැන. මෙහෙම උපරිම සේවයක් කරපු එක ගැන. නමුත් මං ඉල්ලා සිටින්නේ එයාට හාම් එකක් වෙන්න ඉස්සෙල්ලා කොහොම හරි හොස්පිටල් එකකටවත් ගෙනියන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් කියලා. මොකද එයා ඉන්න මානසික තත්ත්වය අනුව එයාට කියන්න බෑනේ මාව හොස්පිටල් ගෙනියන්න කියලා. එතකොට වගකිවයුත්තෝ දැනගත යුතුයි හරි දේ කරන්න. එයාගේ ජීවිතය බේරාලා දෙන්න මම ඔක්කොමලගෙන් ඉල්ලන්නේ එච්චරයි.. කරුණාකරලා කොහොමහරි උපරිම සේවාවක් කරන්න. සුරේෂ් රට වෙනුවෙන් කරා වගේ දැන් මේ ඕගොල්ලන්ගේ අවස්ථාව මේ වෙනුවෙන් සුරේෂ් වෙනුවෙන් නැගී සිටින්න. මොකද එයාට පුළුවන් උනානම් රට වෙනුවෙන් අවුරුදු තිස් ගාණක් එයාගේ මුළු ජීවිතයම කැප කරන්න. මේක ඕගොල්ලන්ගේ අවස්ථාව. ඕගොල්ලෝ දන්නවා කවුද ඇත්ත කියන්නේ කියලා. ඕගොල්ලෝ නැගී සිටින්න සුරේෂ් වෙනුවෙන්. මං ඉල්ලා සිටින්නේ එච්චරයි.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button