ප්‍රධාන පුවත්

සඳුදා රැස්වීම්වලින් ප්‍රා.ලේකම්වරුන් ඉවතට

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය ලෙස නම් කර ඇති සඳුදා දිනවල පැවැත්වෙන කිසිදු නිල රැස්වීමකට සහභාගී නොවීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය සඳහන් කරන්නේ, මහජන දිනය ලෙස වෙන්කර ඇති සඳුදා දිනවල විවිධ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරීන් විසින් භෞතිකව හෝ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ රැස්වීම් පැවැත්වීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රාජකාරි කටයුතු සහ ජනතා සේවාවන්ට බාධා එල්ල වන බවයි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/2023 අනුව සඳුදා දිනය මහජන දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එදින තමන් හමුවීමට පැමිණෙන ජනතාවගේ ගැටලු විසඳීම සඳහා කාර්යාලයේ රැඳී සිටීම අනිවාර්ය කර ඇත. එමෙන්ම එදින කිසිදු නිල රැස්වීමක් නොපැවැත්විය යුතු බවටද චක්‍රලේඛයෙන් උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව අදාළ කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් හෙට සිට සඳුදා දිනවල පැවැත්වෙන රැස්වීම්වලට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති ආර්. සෙන්තිල් මහතා පැවසීය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button