
කාලගුණයෙන් රතු එළියක් – ප්‍රදේශ කිහිපයකට අද තද වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (07) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි තත්ත්වය වැඩි වශයෙන් බලපානු ඇති බව සඳහන් වේ.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට ආසන්න තද වැසි ඇදහැලීමේ හැකියාවක් පවතින බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පමණක් සුළු වැසි ඇතිවිය හැකි බවද එහි සඳහන්ය.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු-මැද පළාත් මෙන්ම හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සෙසු ප්රදේශවලද විටින් විට පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වේගයෙන් තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වේ.



