
ඩෙංගු රෝගීන් 35,000 පනී – රෝහල්වලට දැඩි පීඩනයක්
දිවයින පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යාමත් සමඟ රෝහල්වල ඩෙංගු රෝගීන් සඳහා වෙන්කර ඇති ධාරිතාව දැඩි පීඩනයකට ලක්ව ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසාදිතයින් 35,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම රෝගය හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජුනි 08, 09 සහ 10 යන දිනවල දිවයින පුරා විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්, එනම් සියයට 50ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වන බව දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම දිවයිනේ සියලුම දිස්ත්රික්කවලින්ම මේ වන විට ඩෙංගු රෝගීන් හඳුනාගෙන ඇති අතර, වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලිනි.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිවාස හා අවට පරිසරයේ මදුරු බෝවන ස්ථාන විනාශ කිරීමට මහජනතාව සක්‍රීයව දායක විය යුතු බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරයි.



