
ප්‍රධාන පුවත්
ජර්මන් ජාතිකයෙකුගෙන් කෝටි 2.5ක් වංචා කළ මඟපෙන්වන්නා දැලේ
ජර්මන් ජාතික ආයෝජකයෙකුගෙන් යුරෝ 91,860ක මුදලක් වංචා කළ බව කියන සංචාරක මඟපෙන්වන්නෙකු බෙන්තර ප්‍රදේශයේදී අද (06) අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තා වන පරිදි, මෙරට සංචාරක ව්‍යාපාරයක ආයෝජනය කිරීමේ අරමුණින් අදාළ ජර්මන් ජාතිකයා විසින් ලබා දී තිබූ මුදල සැකකරු විසින් වංචනික ලෙස භාවිත කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2.5කට අධික වටිනාකමක් දරන බව සඳහන් වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයා බෙන්තර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සංචාරක මඟපෙන්වන්නෙකු බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලබයි.



