
ප්‍රධාන පුවත්
මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටු විධායක කමිටුව රැස්වේ
පොදුජන පෙරමුණේ විධායක කමිටු රැස්වීම අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබේ.
නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම සංවිධානය කර ඇති අතර, එය මේ වන විටත් පැවැත්වෙමින් පවතින බව වාර්තා වෙයි.
පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු විධායක කමිටු සාමාජිකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටින බව සඳහන්ය.
එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද රැස්වීමට සහභාගී වී ඇති බව වාර්තා වේ.



