ව්‍යාපාරික

නිල සංචිත ඩොලර් බිලියන 6.87 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත 2026 මැයි මාසයේදී තවදුරටත් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මහ බැංකුවේ දත්ත අනුව, 2026 අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 6,766ක් ලෙස වාර්තා වූ නිල සංචිත වත්කම්, මැයි මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,873ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, මාසික පදනම මත නිල සංචිත ප්‍රමාණය සියයට 1.6ක වර්ධනයක් පෙන්නුම් කරන බව සඳහන් වේ.

මෙම වර්ධනයට චීන මහජන බැංකුව මගින් ලබාදී ඇති විදේශ විනිමය හුවමාරු (Swap) පහසුකම යටතේ පවතින සංචිත ද ඇතුළත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් දැනුම් දී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button