
ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000 ව්‍යාපෘතිය හෙටින් ඇරඹෙයි
ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000 ව්‍යාපෘතිය හෙටින් ඇරඹෙයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000 ව්‍යාපෘතිය හෙට (01) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර, කළුතර දකුණ සුවතා මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම පෙරවරු 9.00ට සිදු කිරීමට නියමිතව තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන්
මෙම ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් ද වැඩසටහන් රැසක් සංවිධාන කර ඇත.
බෝ නොවන රෝග පාලනය හා ඒවා වැළැක්වීමේ සත්කාර සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ නව ප්‍රවේශයක් ඇති කිරීම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.
සෞඛ්‍ය සේවාවේ තදබදයට විසඳුමක්
වර්තමානයේ රෝහල්වල පවතින අධික තදබදය සහ දිගු පෝලිම් හේතුවෙන් වෛද්‍යවරුන්ට එක් එක් රෝගියෙකු සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර සෞඛ්‍ය උපදෙස් ලබාදීමට ප්‍රමාණවත් කාලයක් වෙන් කිරීම අපහසු වී තිබේ.
එමෙන්ම සෞඛ්‍ය ගැටලු පිළිබඳව වෛද්‍යවරුන් සමඟ ප්‍රමාණවත් කාලයක් සාකච්ඡා කිරීමට මෙන්ම රෝග වැළැක්වීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් වීමට ජනතාවට ද සීමිත අවස්ථාවක් පවතින බව සඳහන් වේ.
ප්‍රජා මට්ටමින් සෞඛ්‍ය සේවා
මෙම ගැටලු සැලකිල්ලට ගනිමින් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් ආවරණය වන පරිදි ප්‍රජා මට්ටමින් සෞඛ්‍ය උපදෙස්, පරීක්ෂණ සහ මගපෙන්වීම් ලබාදීම සඳහා මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.
සාම්ප්‍රදායික බෙහෙත් ශාලාවක් හෝ බාහිර රෝගී අංශයක් ලෙස පමණක් මෙම මධ්‍යස්ථාන ක්‍රියාත්මක නොවන අතර, රෝගයක් ඇති වූ පසු ප්‍රතිකාර කිරීමට වඩා එය කල්තියා වළක්වා ගැනීම සහ ජනතාවගේ සමස්ත ශාරීරික සුවතාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.
එක් එක් මධ්‍යස්ථානය සඳහා වෛද්‍යවරයෙකු, ප්‍රජා හෙද කාර්ය මණ්ඩලයක් සහ සම්බන්ධීකරණ නිලධාරීන් අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.



