උණුසුම් පුවත්

කොළඹ වරායේ කන්ටේනරයකින් කිලෝ 420ක අයිස් මත්ද්‍රව්‍ය සොයාගනී

කොළඹ වරායේ කන්ටේනරයකින් කිලෝ 420ක අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමත් සමග සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අදාළ කන්ටේනරය පරීක්ෂා කිරීමේදී කිලෝග්‍රෑම් 420ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවයි.

අධිකරණ නියෝගයෙන් වැටලීම

ලද තොරතුරක් මත අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් අනතුරුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ අයිස් මත්ද්‍රව්‍ය තොගය බහාලුමේ තිබූ තුවා අතර සූක්ෂ්ම ලෙස සඟවා තිබූ බවයි.

පාකිස්තානයේ සිට මෙරටට

පාකිස්තානයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය කන්ටේනරයක් මගින් මෙරටට රැගෙන විත් ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරනු ලබයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button