සෞඛ්‍යය

ඩෙංගු මර්දනයට ජුනි 08 සිට විශේෂ මෙහෙයුමක්

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ජුනි 08, 09 සහ 10 යන දින තුන තුළ විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 14ක පිහිටි සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවද සහාය ලබාදීමට නියමිත බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඩෙංගු රෝග ව්‍යාප්තියේ ඉහළ අවදානමක් සහිත ප්‍රදේශ විශේෂයෙන් ඉලක්ක කර ගනිමින් පරීක්ෂණ හා පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙනු ඇත.

තවද, මදුරුවන් බෝවීමට හිතකර පරිසරයක් පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීම සහ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමද මෙම මෙහෙයුමේදී සිදු කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button