
විරැකියා අනුපාතය 4% දක්වා ඉහළට
විරැකියා අනුපාතය 4% දක්වා 2026 වසරේ දෙවන කාර්තුවේදී ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව අනාවරණය වේ.
ඒ අනුව, පසුගිය වසරේ දෙවන කාර්තුවේ පැවති විරැකියා අනුපාතයට සාපේක්ෂව මෙවර අනුපාතය සියයට 0.2කින් ඉහළ ගොස් තිබේ.
එමෙන්ම 2026 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ අනුපාතයට සාපේක්ෂව දෙවන කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 0.3කින් වැඩි වී ඇත.
දෙවන කාර්තුවේදී මෙරට විරැකියාවට මුහුණ දී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 340,240ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
එම පිරිස අතර කාන්තා විරැකියා අනුපාතය සියයට 6.1ක් වන අතර පිරිමි විරැකියා අනුපාතය සියයට 2.8ක් බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වයස් කාණ්ඩ අනුව සලකා බැලීමේදී වැඩිම විරැකියා අනුපාතය වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 15ත් 24ත් අතර පුද්ගලයින් අතර බවද එම දත්තවල දැක්වේ.
මේ අතර, 2026 වසරේ දෙවන කාර්තුවේදී මෙරට ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය සියයට 50ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එය 2025 වසරේ දෙවන කාර්තුවේදී සියයට 49.3ක් ලෙසත්, 2026 වසරේ පළමු කාර්තුවේදී සියයට 49.2ක් ලෙසත් වාර්තා වී තිබුණි.



