
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි රක්ෂිත බන්ධනාගාරයට
ඥානසාර හිමි රක්ෂිත බන්ධනාගාරයට හෙට (05) දක්වා යොමු කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කර තිබේ.
විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඥානසාර හිමියන් අද අධිකරණය වෙත රැගෙනවිත් තිබුණි.
අධිකරණය නියෝග කර ඇත්තේ උන්වහන්සේ හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
එමෙන්ම හෙට දිනයේදී ඥානසාර හිමියන් අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.



