
ප්‍රධාන පුවත්
රු.කෝටි 3.5ක බැංකු මුදල් කොල්ලය: සහකාර කළමනාකරු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
හොරණ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 3.5ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විමර්ශනවලට අනුව, පසුගිය 3 වැනිදා පස්වරු 2.55ට පමණ බැංකු සේවකයෙකු විසින් බැංකුවේ පසුපස දොරටුව ඔස්සේ මුදල් අඩංගු මලු දෙකක් රැගෙන යමින් සිටියදී සැකකරුවෙකු එම මුදල් බලහත්කාරයෙන් පැහැරගෙන පලාගොස් ඇත.
කොල්ලකන ලද මුදල බැංකුවේ ATM යන්ත්‍ර සඳහා තැන්පත් කිරීමට නියමිතව තිබූ රුපියල් කෝටි 3.5ක මුදලක් බව අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.



