
උණුසුම් පුවත්
වැඩිහිටි නිවාස ගින්නෙන් 11ක් මරුට, 3ක් අතුරුදන්
අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
සිද්ධියෙන් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් 7 දෙනෙකු හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව වාර්තා වේ.
ගින්න හටගත් ආකාරය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.



