කාලගුණය

ප්‍රදේශ රැසකට අදත් මි.මී.100ක පමණ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද දිනය තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇදහැලීමේ හැකියාවක් පවතින බව ද නිවේදනය කර තිබේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු-මැද පළාත් මෙන්ම හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එසේම සෙසු ප්‍රදේශවලද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයක තරමක තද සුළං ඇතිවිය හැකි බැවින් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන අකුණු හා තාවකාලික තද සුළංවලින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවට දැනුම් දී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button