
ඩොලරය ඉහළ යාමෙන් ඖෂධ මිලත් ඉහළට?
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පහළ යාම හේතුවෙන් ඖෂධ මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධ මූලික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවයි.
ආනයනය කරන ඖෂධ මෙන්ම දේශීයව නිෂ්පාදනය කරන ඖෂධවල මිල ගණන් සංශෝධනය කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති අතර, ගැසට් පත්‍රයක් මඟින් උපරිම සිල්ලර මිල නියම කර ඇති ඖෂධ කාණ්ඩ 60ක මිල ගණන් ද සංශෝධනය කිරීමට නියමිත බව සඳහන් වේ.
ඖෂධ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදහස් දැක්වු ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා,
“ඩොලරයට සාපේක්ෂව රුපියල අවපාත වීම නිසා සියලුම දේවල්වල අපි දන්නවා මිල වැඩිවීමක් සිදුවෙනවා. ඒ අනුව ඖෂධ මිලත් වැඩිවීමක් මේ තුළ සිදුවීමට පුළුවන්. මේ පිළිබඳව අධ්‍යයනය කරමින් අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. අපේ තියෙන්නේ වැඩිපුර ආනයනය කරන ඖෂධ. සියලුම ඖෂධවල මිල වැඩිවෙන්නේ නෑ. නමුත් සමහර ඖෂධවල මිල වැඩිවීමක් සිද්ධවෙනවා.”



