
ප්‍රධාන පුවත්
සීනි බදු වංචා නඩුව ජූනි 27ට කැඳවයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ආනයනික සීනි සඳහා පනවා තිබූ බදු අඩු කිරීම හේතුවෙන් රජයට සිදුවූ බව කියන රුපියල් කෝටි 1,590ක පාඩුව අයකර ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූනි 27 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
අදාළ පෙත්සම අද (18) දින ශිරාන් ගුණරත්න සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබුණි.
එහිදී පෙත්සමට අදාළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, නඩුව වැඩිදුර විභාගය සඳහා ජූනි 27 වනදා යළි කැඳවීමට නියෝග කර ඇත.



