ප්‍රධාන පුවත්

චාමරගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට

දූෂණ චෝදනා මත නඩු මුහුණ දී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය අද (18) නියෝග කර තිබේ.

අදාළ නඩුව මෝසම් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී චාමර සම්පත් දසනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර, විදේශ සංචාරයක නිරත වීමට අවශ්‍යතාවක් පවතින බැවින් ඔහුට පනවා ඇති ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලීමක් කර තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, එම ඉල්ලීම පිළිගෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට අවසර ලබා දී ඇත.

2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, පළාත් සභාව සඳහා නිකුත් කළ චෙක්පතක් සිය පුද්ගලික ගිණුමකට තැන්පත් කිරීමෙන් දූෂණ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button