
ශ්‍රී ලංකා – වියට්නාම විද්‍යා සහ තාක්ෂණ ගිවිසුමක්
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්රවල සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් දෙරට අතර පළමු අවබෝධතා ගිවිසුමකට අද (08) අත්සන් තබා තිබේ.
මෙම ගිවිසුම ශ්‍රී ලංකා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර අත්සන් කර ඇති අතර, එය දෙරට අතර මෙම ක්ෂේත්රයට අදාළව ඇති වූ පළමු නිල එකඟතාව ලෙස සැලකේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ගිවිසුමට අත්සන් තබා ඇති අතර, වියට්නාමය නියෝජනය කරමින් එරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය Vu Hai Quan මහතා එක්විය.
ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා විද්‍යාත්මක දැනුම, පර්යේෂණ හා තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කරමින් දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් වර්ධනය කිරීම මෙම ගිවිසුමේ මූලික අරමුණ ලෙස සඳහන් වේ.
ඒ අනුව ජෛව තාක්ෂණය, කෘෂිකර්මය, ආහාර හා ඔසු තාක්ෂණය, දේශගුණික විපර්යාස අනුවර්තන ක්‍රම, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, ස්වයංක්‍රීයකරණය සහ තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එමෙන්ම ඒකාබද්ධ පර්යේෂණ, විද්‍යාඥ සහ තාක්ෂණික විශේෂඥ හුවමාරු වැඩසටහන්, සම්මන්ත්රණ හා වැඩමුළු සංවිධානය කිරීම මෙන්ම පර්යේෂණ ව්‍යාපෘති සඳහා සම-අරමුදල් ලබාදීමද මෙම ගිවිසුම යටතේ සිදුකෙරෙනු ඇත.



