
කපිල චන්ද්‍රසේනට ඇප ලබාදීම හා ඇපකරුවන් ගැන විමර්ශනයක් ඉල්ලයි
ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සම්බන්ධයෙන් පැවති නීතිමය තත්ත්වය හා ඔහුට ඇප ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සැකසහිත අදහස් පළ කර තිබේ.
පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකින් පසු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන්ද සැකයක් පවතින බවය. එමෙන්ම ඔහුට ඇප ලබාදීමට සම්බන්ධ වූ පුද්ගලයින් පිළිබඳවද සැකයක් ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහිදී සාගර කාරියවසම් මහතා මෙසේද සඳහන් කළේය:
“කපිල චන්ද්‍රසේන කියන පුද්ගලයාව ඇප මත මුදාහැර තිබෙනවා. නමුත් ඇප මත මුදාහැරියාට පස්සේ, ඊයේ (07) දිනයේ අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරලා තියෙනවා, ඔහුව අත්අඩංගුවට ගන්න. නඩුව අවසන්වන තෙක් ඔහුව රිමාන්ඩ් භාරයේ තබාගන්න ඉල්ලීමක් කරලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු පහක් හයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීමක් වෙන්න පුළුවන්. මොකද මේ නඩු කවදා ඉවර වෙනවාද කියලා අපි දෙන්නේ නැහැ.
මේක ඇපකරුවන් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා කියනවා. අපි හොයලා බැලුවා, කපිල චන්ද්‍රසේන කියන පුද්ගලයාට ඇප ලැබෙන්නේ රිමාන්ඩ් භාරයේ ඉද්දී. මේ ඇපකරුවන් දෙදෙනා කවුද හොයා දුන්නේ කවුද කියන කාරණය. මොවුන් බොරු ඇපකරුවන් කියලා කියනවා. රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉද්දී ඇපකරුවන් හොයන්න බැහැ. එතකොට රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටිය පුද්ගලයාට මේ ඇපකරුවන් දෙදෙනා සොයා දුන්නේ, කවුද කියන කාරණය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්න.
අපිට තියෙන ආරංචිය අනුව නම් ඇපකරුවන් දෙදෙනාවත් ලබාදීමත් මේ කාරණාවේම යම් කිසි කුමන්ත්රණයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ඇපකරුවන් දෙදෙනා කපිල චන්ද්‍රසේනට ලබාදීම සම්බන්ධයෙන් අධිකරණයේ සී.සී.ටී.වී කැමරා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න පුළුවන්. අධිකරණ පරිශ්‍රයේදී මෙම ඇපකරුවන් ලබා දුන්නේ කවුද? ඒකට මැදිහත් වුණේ බන්ධනාගාර නිලධාරින් ද.? නොඑසේ නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් ඒ පිටුපස හිටියා ද.? ඒ දෙන්නා මේ ආකාරයේ දෙන්නෙක් කියලා කොමිසම දැනගත්ත ආකාරය ගැන සමාජයේ ලොකු සැකයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා අපි ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා වහාම විමර්ශනයක් කරලා මේ ඇපකරුවන් දෙදෙනාව ලබා දුන්න ක්‍රමවේදය මොකක්ද කියලා.”



