
ප්‍රධාන පුවත්
විදෙස් ප්‍රේෂණ මාස 8කදී ඩොලර් මිලියන 6,131ක්
විදෙස් ප්‍රේෂණ ලෙස මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 8ක කාලය තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 6,131ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව, එම ප්‍රමාණය පසුගිය වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ ඩොලර් මිලියන 5,116ක ප්‍රේෂණ ප්‍රමාණය සමඟ සැසඳීමේදී සැලකිය යුතු ඉහළ යාමකි.
මේ අතර, පසුගිය අගෝස්තු මාසයේදී පමණක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හරහා මෙරටට ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 748.6ක් ලෙස වාර්තා වී තිබේ.
එය 2025 වසරේ අගෝස්තු මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 680.8ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව ඉහළ අගයක් බව මහ බැංකුව පෙන්වා දෙයි.
ඒ අනුව, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර ඇත.



