
ප්‍රධාන පුවත්
රයිස් සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
අද (07) මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, බුරියානි සහ නාසිගුරන් ආහාර වර්ගවල මිල රුපියල් 25කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එමෙන්ම, ලාෆ්ස් ගෑස් භාවිත කරන ආපනශාලාවල ප්ලේන් ටී සහ කිරි තේ මිලද ඉහළ දමා තිබේ.
සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ ලාෆ්ස් ගෑස් භාවිත කරන වෙළෙඳසැල් 25% සිට 30% දක්වා පවතින අතර, ඉහළ ගෑස් මිල හේතුවෙන් පිරිවැය පාලනය කිරීම දුෂ්කර වී ඇති බවයි.
ඒ අනුව ප්ලේන් ටී රුපියල් 5කින් සහ කිරි තේ රුපියල් 10කින් වැඩි කර ඇති අතර, කෙටි ආහාර වර්ගවල මිලද රුපියල් 5කින් ඉහළ දමා ඇත. කෙසේ වෙතත්, බිත්තර රොටි සහ පරාටා මිල ගණන් වෙනස් කර නොමැති බවද සඳහන් වෙයි.



