සෞඛ්‍යය

ඩෙංගු රෝගීන් 55,000 ඉක්මවයි – මරණ 32ක්

මෙම වසරේ මේ දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,406 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. එම කාලය තුළ ඩෙංගු ආසාදිත මරණ 32ක්ද වාර්තා වී තිබේ.

ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ, පසුගිය පැය 24 තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 1,024 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

ජූනි මාසය තුළ පමණක් රෝගීන් 21,565ක් වාර්තා වී ඇති අතර, එයින් වැඩිම සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,392ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,006ක් හඳුනාගෙන තිබේ.

මදුරුවන් බෝවන ස්ථාන නිසි ලෙස විනාශ නොකිරීම ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. එබැවින් නිවාස, රාජ්‍ය ආයතන සහ පාසල් පරිශ්‍ර ඇතුළු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදුව තබා ගැනීමට ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button