
මහින්ද රාජපක්ෂ රඟහලේ පුටු මිලදී ගැනීමේදී පාඩු කළැයි හිටපු ලේකම්වරයෙක් අත්අඩංගුවට
මහින්ද රාජපක්ෂ රඟහලේ පුටු මිලදී ගැනීමේදී රජයට රුපියල් ලක්ෂ 79කට අධික මූල්‍ය පාඩුවක් සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මහින්ද රාජපක්ෂ රඟහලේ පුටු මිලදී ගැනීමේදී රුපියල් ලක්ෂ 79ක පාඩුවක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (02) පෙරවරු 9.45ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා අවශ්‍ය පුටු මිලදී ගැනීමේදී මෙම මූල්‍ය අක්රමිකතාව සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
අදාළ මිලදී ගැනීම සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් පුටු අවම මිල ගණන් යටතේ සැපයීමට ඉදිරිපත් වූ පෞද්ගලික සමාගමෙන් ඒවා මිලදී ගැනීම වෙනුවට වෙනත් පෞද්ගලික සමාගමකින් මිලදී ගැනීමට කටයුතු සලස්වා ඇති බවට විමර්ශනවලදී චෝදනා එල්ල වී ඇත.
එම ක්‍රියාව හේතුවෙන් රජයට රුපියල් 7,973,114.50ක මූල්‍ය පාඩුවක් සිදුකර ඇති බවත්, ඒ හරහා බාහිර පාර්ශ්වයකට අයුතු වාසියක් ලබාදී ඇති බවත් සඳහන් වේ.
මෙම සිද්ධියට අදාළව ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයාට චෝදනා එල්ල වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යාමට නියමිතව ඇත.



